දේශීය

ඡන්ද පත්‍රිකා 50 % ක් මුද්‍රණය කර අවසන් වෙයි

(UTV | කොළඹ) – එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට යොදා ගන්නා ඡන්ද පත්‍රිකාවලින් 50 % ක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.

මීට අමතරව යාපනය ඇතුළු දිස්ත්‍රික්ක හතරක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර අද මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට හැකිවනු ඇතැයි ද ඇය සඳහන් කළේය.

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිටත් භාරදී තිබෙන බව ද නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරේ පවතින බවද මුද්‍රණාලායාධිපතිනිය පැවසීය.

මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ වෙනත් ලේඛන මුද්‍රණය කිරී‍ම් සිදුකරගෙන යන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

ප්‍රදේශ කීපයකට මිලි මීටර 100 ට වඩා තද වැසි

Mohamed Dilsad

රිය අනතුරකින් බිළිඳෙක් සහ පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

පරිපාලන සේවා සංගමයෙන් කොරෝනා මැඩලීමට ලක්ෂ 25ක පරිත්‍යාගයක්

Mohamed Dilsad

Leave a Comment