දේශීය

ඡන්ද පත්‍රිකා 50 % ක් මුද්‍රණය කර අවසන් වෙයි

(UTV | කොළඹ) – එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට යොදා ගන්නා ඡන්ද පත්‍රිකාවලින් 50 % ක් මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.

මීට අමතරව යාපනය ඇතුළු දිස්ත්‍රික්ක හතරක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර අද මැතිවරණ කොමිෂන් සභාවට භාරදීමට හැකිවනු ඇතැයි ද ඇය සඳහන් කළේය.

අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිෂන් සභාවට මේ වනවිටත් භාරදී තිබෙන බව ද නුවරඑළිය දිස්ත්‍රික්කයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් අදියරේ පවතින බවද මුද්‍රණාලායාධිපතිනිය පැවසීය.

මීට අමතරව පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ වෙනත් ලේඛන මුද්‍රණය කිරී‍ම් සිදුකරගෙන යන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

ජනවාරි පළවෙනිදා රාජකාරී අරඹන විදිය ගැන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් මාලාවක්

Editor O

තවත් ආසාදිතයින් 19 දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

නිරෝධායන නීති කැඩූ තවත් 26 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment