දේශීය

නිරෝධායන නීති කැඩූ තවත් 26 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (19) උදාසන 6න් අවසන් වූ පැය 24 ක කාළය තුළ මෙහෙයුම්වලදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුලූ සංඛ්‍යාව 81,060ක්.

බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන පුද්ගලයින් 2548 දෙනෙකු ඊයේ දින මාර්ග බාධකවලදී පරික්ෂාවට ලක්කර තිබෙනවා.

එහිදී මාර්ග බාධක හරහා ගමන් කිරීමට නියමිත අවසරය නොමැති පුද්ගලයින් 469 දෙනෙකු ඔවුන් පැමිණි වාහනවලින්ම ආපසු හරවා යැවීමට කටයුතු කළ බවයි පොලිසිය සදහන් කළේ.

Related posts

පොලිස්පති හා යුද හමුදාපති මානව හිමිකම් කොමිසමට

Mohamed Dilsad

සැප්තැම්බර් 19 වන දින පාසල් නිවාඩු

Mohamed Dilsad

යුරෝපා සංගම් තානාපතිනිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර, විශේෂ හමුවක්

Editor O

Leave a Comment