දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට පැය 28 ක් ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) රාත්‍රී 8.00 සිට පැය 28 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව අද රාත්‍රී 8.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු අති.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන නළයේ හදිසි ජල කාන්දුවක් පිළිසකර කිරීම හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පැවසී ය.

Related posts

මහජන ආරක්‍ෂක ඇමැතිව අංගොඩ රෝහලට මාරු කරයි

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාවේ කාලය අදින් අවසන්

Mohamed Dilsad

බොරුපන කසල කන්දක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment