දේශීය

මාලදිවයින් ජනපති ඊබ්‍රාහිම් මොහොමඩ් දිවයිනට

(UTV | කොළඹ) – මාලදිවයින ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මැතිතුමා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද(08) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එතුමා සමග දූත පිරිස 12 දෙනෙකු ද පැමිණ සිටියහ.

ඔවුන් මාලදිවයින මාලේ නුවර සිට අද උදෑසන 09.40 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන සංචාරය හෙට දින නිම කර ආපසු මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය.

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය කොළඹ තුරග තරග පිටියේ දී අද ආරම්භ වනවා.

මෙහි සමාරම්භක උත්සවයට සහභාගීවීම සඳහායි මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා දිවයිනට පැමිණ ඇත්තේ.

Related posts

දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ ඇප ඉල්ලීමට අදාළ නියෝගය අප්‍රේල් 02

Mohamed Dilsad

සමගි ජනබලවේගයේ සියලු අපේක්ෂකයන් හෙට කොළඹට

Mohamed Dilsad

ග්‍රීක බැඳුම්කර නඩුවෙන්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව්දෙනා නිදොස් කොට නිදහස් කරයි…

Editor O

Leave a Comment