Trending Newsක්‍රීඩා

එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අවසන් පූර්ව තරගයට

(UTV | ඩුබායි) – පන්දුවාර 20 ලෝක කුසලානයේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව සමත්වී තිබෙනවා.

එංගලන්තයට එරෙහි ඊයේ පැවති තරගය දකුණු අප්‍රිකාව ජය ගත්තද ප්‍රසාද ලකුණු සටහන අනුව අවසන් පූර්ව වටයට තේරීමට එය ප්‍රමාණවත් වුණේ නැහැ.

ඔස්ටේ්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ටේ්‍රලියාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ඔවුන් රැස් කළේ ලකුණු 157 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියාව පන්දුවාර 16 යි පන්දු 02 ක් තුළ කඩුලු 02 ක් පමණක් දැවී ලකුණු 161 ක් ලබා ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා.

මේ අතර එංගලන්තයට එරෙහිව ඊයේ පැවති තරගය දකුණු අප්‍රිකාව ජය ගත්තේ ලකුණු 10 කින්.

එම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කළ ලකුනු සංඛ්‍යාව 189 ක්.

ලකුනු 190 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 179 ක් පමණයි.

දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන ක්‍රිඩක කගීසෝ රබාඩා කඩුලූ ත්‍රිත්වයක් දවා ගැනීම විශේෂත්වයක්.

මේ අතර පන්දුවාර 20 ලෝක කුසලානයේ ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර තරගය අබුඩාබි හිදීත් පකිස්ථානය සහ ස්කොට්ලන්තය අතර තරගය ෂාජා හිදීත් අද පැවැත්වෙනු ඇති.

Related posts

Deadpool 2 will screen uncut at Comic Con

Mohamed Dilsad

Sri Lanka Rupee hits new record low of 161 against US Dollar

Mohamed Dilsad

மீண்டும் பெற்றோலுக்குத் தட்டுப்பாடா?

Mohamed Dilsad

Leave a Comment