දේශීය

ජනපති යළි දිවයිනට

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සදහා එරටට ගොස් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට , එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් අද දින උදෑසන 08.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එතුමාගේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ .

Related posts

නිරෝධායනය වූ තවත් පිරිසක් නිවස් වෙත

Mohamed Dilsad

සෝලා විදුලි නිෂ්පාදනය අධෛර්යට පත් කිරීමේ උත්සාහයක් ගැන හිටපු ඇමති පාඨලී චම්පිකගෙන් අනාවරණයක්

Editor O

මහ බැංකු අධිපතිගෙන් බැංකුවලට දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment