ගොසිප්

යළිත් මිල වැඩි කරන්න ලාෆ් සමාගම ඉල්ලයි

(UTV | කොළඹ) – ලාෆ් ගෑස් සමාගම විසින් යළිත් වරක් ගෑස් මිල ඉහළ නැංවීමට ඉල්ලීමක් කර තිබෙනවා.

තමන් ගෑස් මිල වැඩි කරන බවට එම සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ලාෆ් සමාගම කොපමණ මුදලකින් මෙවර ගෑස් මිල වැඩි කරන්නේ ද යන්න මෙතෙක් අනාවරණ කර නැහැ.

දැනට අත්‍යවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවෙන් ගෑස් ඉවත් කර ඇති අතර, ඒ සමඟම අදාළ ගෑස් සමාගම වෙත මිල වැඩි කිරීමේ හැකියාව ද පවතිනවා.

ලාෆ් සමාගම විසින් මීට පෙර ද කිලෝග්‍රෑම් 12.5 හේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 984කින් ඉහළ නංවනු ලැබුවා.

ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ 2,840ක් ලෙසයි.

එසේම කිලෝග්‍රෑම් පහේ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 393කින් ඉහළ නංවා ඇති අතර, එහි නව මිල රුපියල් 1,136ක්.

මීට අමතරව ලිට්රෝ ගෑස් සමාගම් විසින් ද ලාෆ් සමාගමට සාපේක්ෂව ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු කර තිබුණා.

Related posts

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු නවතී[RELEASE]

Mohamed Dilsad

ඇඳිරි නීතිය මැද ප්‍රබල දේශපාලඥ පුතෙකුගේ විවාහ උත්සවයක් [PHOTOS]

Mohamed Dilsad

අවු 05ක දැරියකට අතවර කළ පුද්ගලයෙක් සවල් පහරකින් මරුට

Mohamed Dilsad

Leave a Comment