දේශීය

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

(UTV | කොළඹ) – අද දිනයේදි බස්නාහිර / සබරගමුව / වයඹ / මධ්‍යම හා උතුරු මැද පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි ස්ථාන කිහිපයක වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු අවම කරගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර බදුල්ල පස්සර ප්‍රදේශයටත් / කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකුත් අදාල වන පරිදි නිකුත් කර ඇති නායයමේ අනතුරු ඇගවිමේ නිවේදනය පිළිබද ජනතාව තවදුරටත් අවදානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ.

Related posts

ශ්‍රී ලංකන් සහ ජෙඩා දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය වගට සීමා කෙරේ

Mohamed Dilsad

ඉන්ධන එක්රැස් කර ගැනීමෙන් වළකින්න

Mohamed Dilsad

Leave a Comment