දේශීය

හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩු කටයුත්තක් අවසන්

(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම යන චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අද (27) අවසන් කෙරුණි.

එම පැමිණිල්ල අද කොළඹ වැඩබලන මහෙස්ත්‍රාත් නීතිඥ සංජය ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා ඇති බවය.

ඒ අනුව ඔවුන්ට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු අවසන් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළේය.

Related posts

CEYPETCO මිල ඉහළ නැංවීම යෝජනාවට මෙතෙක් රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නැහැ

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 728 ක් සුව අතට

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට පිවිසි ජනප්‍රිය චරිත කල සේවය ගැන වාර්තාවක් සකසයි

Mohamed Dilsad

Leave a Comment