ක්‍රීඩා

දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලූ 8 ක ජයග්‍රහණයක්

(UTV |  ඩුබායි) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 හේ වටයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැති තරගයේදී කඩුලූ 8 ක ජයග්‍රහණයක් කරගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙත ලබා දුන්නා.

ඔවුන් නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 143ක්.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය කළ ලකුණු 144ක ඉලක්කය පන්දු 18.2ක් තුළදී කඩුලු දෙකක් පමණක් දැවී තිබියදී සපුරාගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.

මේ අනුව මෙතෙක් සුපිරි කණ්ඩායම් 12 වටයේ තරග දෙකකට වූ බටහිර කොදෙව් කණ්ඩායම එම තරග දෙකම පරාජය වුණා.

Related posts

කොදෙව් – ඇෆ්ගනිස්ථාන දෙවන විස්සයි 20 තරඟය අදයි

Mohamed Dilsad

ජයග්‍රහණයෙන් පසු කුලේටයි සනත්ටයි කණ්ඩායමෙන් ලැබුණු දේ [VIDEO]

Mohamed Dilsad

බංග්ලාදේශයට එරෙහි තරඟයේ නායකත්වය කෝලිට

Mohamed Dilsad

Leave a Comment