ක්‍රීඩා

දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලූ 8 ක ජයග්‍රහණයක්

(UTV |  ඩුබායි) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 හේ වටයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද පැවැති තරගයේදී කඩුලූ 8 ක ජයග්‍රහණයක් කරගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායකයා පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙත ලබා දුන්නා.

ඔවුන් නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 143ක්.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය කළ ලකුණු 144ක ඉලක්කය පන්දු 18.2ක් තුළදී කඩුලු දෙකක් පමණක් දැවී තිබියදී සපුරාගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වුණා.

මේ අනුව මෙතෙක් සුපිරි කණ්ඩායම් 12 වටයේ තරග දෙකකට වූ බටහිර කොදෙව් කණ්ඩායම එම තරග දෙකම පරාජය වුණා.

Related posts

ශ්‍රී ලංකාවට එරෙහිව බුම්රාට කැඳවීමක්

Mohamed Dilsad

බංග්ලාදේශ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

T20 නිලධාරී මඬුල්ලට මඩුගල්ලේ සහ ධර්මසේන

Mohamed Dilsad

Leave a Comment