ක්‍රීඩා

ශ්‍රී ලංකාවට එරෙහිව බුම්රාට කැඳවීමක්

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ශ්‍රී ලංකාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

 

පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට බුම්රාට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබුණා.

 

කෙසේ වෙතත්, බුම්රා සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බවට එරට ජාතික ක්‍රිකට් ඇකඩමිය විසින් ප්‍රකාශ කර ඇති බැවින් ඔහුව එක්දින සංචිතයට නම් කළ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

 

දෙරට අතර පැවැත්වෙන එක්දින තරග තුන ජනවාරි 10, 12 හා 15 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Related posts

46 වන ජාතික ක්‍රිඩා උළලේ මැරතන් – පාපැදි තරග අද කතරගමදී

Mohamed Dilsad

සංගා සහ මහේලගේ සිතුවම් ලෝර්ඩ්ස්හි ප්‍රදර්ශනයට

Mohamed Dilsad

මුරලි, කළු , වාස් ඇතුළු දැවැන්තයින් යළිත් යළිත් ක්‍රීඩා පිටියට

Mohamed Dilsad

Leave a Comment