දේශීය

ඉස්ලාම් භක්තිකයින්ට විශේෂ අවසරය

(UTV | කොළඹ) – මෙරට ඉස්ලාම් භක්තිකයින්ට සිය දේවස්ථාන තුළ සිකුරාදා යාච්ඤා මෙහෙයන් සිදු කිරීම සඳහා අවසර ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශය නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.

අද (ඔක්. 22) දින සිට හිමි වන මෙම අවසරය ඉස්ලාම් භක්තිකයින්ගේ ඉල්ලීම් සලකා බලා ලබාදුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

ඒ අනුව, සිකුරාදා යාච්ඤා මෙහෙයන් සඳහා පමණක් අවසර හිමි වන ⁣අතර 50 දෙනෙකුට අවම වශයෙන් මෙම යාඥා මෙහෙයන් සීමා විය යුතු බවට දැනුම් දී තිබේ.

එක් දේවස්ථානයක එක් යාච්ඤා මෙහෙයක් පමණක් පැවැත්විය යුතු අතර දේවස්ථානයට ඇතුළු වීම, පිටවීම සහ පිරිසිදු වීම් සිදු කිරීමේදී විශාල ලෙස ජන ඒකරාශී වීම් සිදු නොකළ යුතු බව අවධාරණය කර ඇත.

තම යාච්ඤා කටයුතු කිරීමට භාවිත කරනු ලබන කුඩා ඇතිරිල්ල පමණක් භාවිත කර එකිනෙකා අතර මීටරයක දූරස්ථභාවය පවත්වාගෙන යාමට අවධානය යොමු කළ යුතු බව ද අදාළ මාර්ගෝපදේශවල සඳහන් කර තිබේ.

තව ද පිරිසිදු මුහුණ ආවරණයක් පැළඳීම අනිවාර්ය වන අතර දෑත් සේදීම සඳහා අවශ්‍ය පහසුකම් දේවස්ථාන පරිශ්‍ර තුළ අනිවාර්යයෙන් සලසා තිබිය යුතු බවට ද දන්වා ඇත.

Related posts

ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පහළ ට

Editor O

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

අලි රොෂාන්ගේ නඩුවට දින දෙයි

Editor O

Leave a Comment