දේශීය

තුන් වන මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

(UTV | කොළඹ) – පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ වයස අවුරුදු 60 ඉක්ම වූවන්ට තුන්වන වර්ධක මාත්‍රාවක් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබෙනවා.

විශේෂයෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලැබූවන්ට ෆයිසර් හෝ මොඩර්නා වැනි එන්නතක් තුන්වන මාත්‍රාව ලෙස ලබාදිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ උපදේශ කමිටුව නිර්දේශ කර ඇත්තේ.

සයිනොෆාම් සහ සිනොවැක් කොරෝනා එන්නත් වෛරසය අඩපණ කර නිෂ්පාදනය කරන අතර, ෆයිසර් සහ මොඩර්නා එන්නත් නිපදවනු ලබන්නේ වෛරසයේ ක්‍රොමසෝම ආකෘතිය යොදා ගනිමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ, එලෙස වෛරසය අඩපණ කර එන්නත් ලැබූවන්ට ඩී.එන්.ඒ. හෝ ආර්.එන්.ඒ වැනි ක්‍රොමසෝම එන්නතක් ලබාදීමෙන් ප්‍රතිශක්තිය ඉහළ නැංවිය හැකි බවයි.

මේ අතර, ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින් සඳහා ද කොරෝනා එන්නත් තුන් වන මාත්‍රාවක් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා.

විශේෂයෙන් එන්නත්කරණය ලැබූව ද ඩෙල්ටා වැනි ප්‍රභේද ආසාදනය වීමේ අවස්ථාවක් පැවතීම ඊට හේතුවයි.

Related posts

බද්දේගම අවමංගල්‍යයක් අතර තුර තවත් මරණ දෙකක් : තුනක් රෝහලේ

Editor O

තම ජීවිතයට අනතුරක් වුණොත් එහි වගකීම, කතානායක සහ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා බාර ගත යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි

Editor O

රාජගිරිය – බුත්ගමුව ප්‍රදේශයේ ගින්නක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment