දේශීය

ජපාන යුද නෞකා තුනක් කොළඹට

(UTV | කොළඹ) – ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බලකායට අයත් යුද නෞකා ත්‍රිත්වයක් නිල සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට සේන්දු විය.

නාවික හමුදාව පැවසුවේ, එලෙස පැමිණි‘KAGA’,‘MURASAME’ හා ‘FUYUZUKI’ යන බහුකාර්ය ඩිස්ට්‍රෝයර් නෞකා ත්‍රිත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගත් බවයි.

දිගින් මීටර 151 සහ නැවි මුළු 220කගෙන් සමන්විත ‘FUYUZUKI’ යුද නෞකාව සැපයුම් අවශ්‍යතා සපුරා ගැනීමෙන් අනතුරුව හෙට (03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.

දිගින් මීටර 248ක් සහ නැව් මුළුව 210කගෙන් සමන්විත ‘KAGA’ යුද නෞකාව සහ දිගින් මීටර 151ක් සහ 200ක නැව් මුළුවකින් සමන්විත‘MURASAME’ යන නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත්තේ, එළඹෙන 04 වනදායි.

ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ වරායට සේන්දු වූ එම යුද නෞකා ද්විත්වය දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සමග පැවැත්වෙන ‘JA- LAN EX’ ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා ද සහභාගී වීමට නියමිත ය.

Related posts

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ආරක්ෂාව තර කරයි

Mohamed Dilsad

කතානායක ඉල්ලා අස්වෙමින් ලියූ ලිපිය මෙන්න.

Editor O

පාසල් ළමුන් ප්‍රවාහනයත් දැඩි අපහසුතාවලට..

Mohamed Dilsad

Leave a Comment