කලා

ගායිකා ෂකිරාට ස්පාඤ්ඤයේදී වල් ඌරු ප්‍රහාරයක්

(UTV | ස්පාඤ්ඤය) – ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නගරයේ උද්‍යානයකදී වල් ඌරන් රංචුවක් පැමිණ තම අත් බෑගය උදුරාගෙන පහරකෑමක් සිදු කළැයි සංගීත ලෝකයේ තාරකාවක වන පොප් ගායිකා ෂකිරා දන්වා තිබේ.

44 හැවිරිදි ලෙබනන් සම්භවය ඇති කොලොම්බියානු ගායිකාවක වන ෂකිරා ඇගේ අට හැවිරිදි පුතු මිලාන් සමඟ උද්‍යානයේ ඇවිද යමින් සිටියදී මෙම පහර දීම සිදුව ඇත.
ෂකිරාගේ මුහුණ නොපෙන්වන ඇගේ ඉන්ස්ටග්‍රෑම් වෙබ් අඩවියේ පළ කර ඇති දර්ශන වල, ගායිකාව සතුන් විනාශ කළා යයි කියන සිය බෑගයක් පෙන්වූවාය.

‘බලන්න උද්‍යානයේදී මට පහර දුන් වල් ඌරන් දෙදෙනෙක් මගේ බෑගය පැහැරගෙන යන ආකාරය…
උන් මගේ බෑගය කැලෑවට ගෙන ගියේ මගේ ජංගම දුරකථනයද සමඟයි. ඔවුන් සියල්ල විනාශ කළා. ‘

වැඩි වැඩියෙන් ආහාර ලබා ගැනීම සඳහා නගර සහ නගර උද්‍යාන වෙත වල් ඌරන් පැමිණීම ස්පාඤ්ඤයේ සුලබ දර්ශනයකි.

Related posts

පුජා භාට් දේශපාලනයට එන්න දරණ වැයමක්

Mohamed Dilsad

කොළඹ ගායන වෘන්දය එළි දක්වන “නාද යෝග” හෙට ජනකලා කේන්ද්‍රයේදී

Mohamed Dilsad

බොලිවුඩ් සිනමා නළු SRK දුෂ්ඨ චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට

Mohamed Dilsad

Leave a Comment