ගොසිප්

මෙරට ආර්ථිකය නේපාලයටත් වඩා වැටිලා

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙතරම් කඩා වැටීමකට හේතු වී ඇත්තේ කොරෝනා වසංගතය නොව යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන පැමිණි ආර්ථික වැඩපිළිවෙළ වත්මන් ආණ්ඩුව විසින් වෙනස් කිරීම නිසා බව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මේ ආකාරයටම කටයුතු කළහොත් ඉදිරියේදී රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවන්න තරමට මුදල් නොමැති තරමට රටේ ආර්ථිකයට කඩාවැටෙනු ඇතැයිද ඔහු පැවසීය.

අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කඩා වැටීම ආරම්භ වූයේ කොරෝනා වසංගතයට පෙර සිට බවත් එය ආරම්භ වූයේ 2019 නොවැම්බර් මාසයේ දී පෙර පැවති ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ වෙනස් කිරීමෙන් පසුව බවද ඔහු පැවසීය.

ලෝකයේ වෙනත් රටවලට ඇත්තේ කොරෝනා නිසා ඇතිවුණු අර්බුදය පමණක්වත් අපේ රටට කොරෝනා නිසා පැමිණි අර්බුදය සහ ආණ්ඩුව විසින් ඇති කරගත් අර්බුදය යන දෙකම ඇතැයිද ඔහු එහිදී කියා සිටියේය.

කොරෝනා නිසා අනෙක් රටවල විදේශ සංචිත පහළ වැටී නැති නමුත් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත නේපාලයටත් වඩා පහළ බැස ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

මේදින වල බන්ධනාගාර රැඳවියන්ගෙන් වැඩිම ඉල්ලුම මොකටද?

Mohamed Dilsad

නිරෝධායන නීති කඩ කළ රංගන ශිල්පියෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඊළඟ අගමැති?

Mohamed Dilsad

Leave a Comment