දේශීය

ඔක්සිජන් සැපයුම බිද වැටීම යථා තත්ත්වයට

(UTV | කොළඹ) – ගෙවීම් ප්‍රමාදවීමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඔක්සිජන් සැපයුම මේ වනවිට ගැටලුවකින් තොරව සිදුවන බවය.

පසුගිය 29 වැනිදා උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහල හා මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඔක්සිජන් සැපයීම සිලෝන් ඔක්සිජන් සමාගම නතර කළේ, මුදල් ගෙවීම ප්‍රමාද විම හේතුවෙන් ය.

Related posts

රේගු නිලධාරීන් 04 දෙනෙකු ට වසර 35ක සිරදඬුවම් සහ විත්තිකරුවෙක්ට මිලියන 125 බැගින් දඩ

Editor O

අන්තර්ජාලය හරහා ඉගෙනීමේදී සිසුන්ට දුෂ්කරතා [VIDEO]

Mohamed Dilsad

“උනුත් එකයි. මුනුත් එකයි,” : සජිත් කියන කතා

Mohamed Dilsad

Leave a Comment