ගොසිප්

මේදින වල බන්ධනාගාර රැඳවියන්ගෙන් වැඩිම ඉල්ලුම මොකටද?

(UTV |කොළඹ) – මත්ද්‍රව්‍ය නොමැතිකම නිසා බන්ධනාගාර රැඳවියන් අතර දුම්කොළ සඳහා වැඩි ඉල්ලූමක් පවතින බව වාර්තාවේ.

පසුගිය දිනවල බන්ධනාගාර වලට මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව වැඩි වශයෙන් සොයා බැලූ අතර යොමු කළ අතර මේ වන විට බන්ධනාගාර වලට මත්ද්‍රව්‍ය ලැබෙන ක්‍රම සියල්ල නතර කර තිබේ.

ඒ අනුව මේ දිනවල දුම්කොළ සඳහා වැඩි ඉල්ලුමක් තිබෙන අතර මීට පෙර රුපියල් 1000 අලෙවි වු දුම්කොළයක්, දැන් රුපියල් 3,000 කට අධික මුදලකට රැඳවියන් අතර අලෙවි වන බවයි වාර්තාවේ.

බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර තුළ සිදුකරන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ලැබීමේ අවස්ථා අඩු වී ඇත.

රැඳවියන් බැලීමට බන්ධනාගාර වෙත පැමිණෙන අමුත්තන් හා ඔවුන් රැගෙන එන භාණ්ඩ ද දැඩි පරීක්ෂාවට ලක් කරයි.

කොළඹ බන්ධනාගාරවලට මෙන්ම බූස්ස සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද යෙදවීමට බලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේවෙතත් බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ විසිකිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.

පසුගිය දින කිහිපය තුළ ද බන්ධනාගාර කිහිපයකට පිටතින් විසි කළ හා බන්ධනාගාර තුළට සූක්ෂම ලෙස රැගෙන ආ දුම්කොළ රැසක්ම නිලධාරීන් සිය භාරයට ගෙන පොලීසියට භාර දී තිබුණි.

Related posts

වසා දැමුණු අටුළුගම රෝගියාගේ පවුලේ දෙදෙනකුටත් කොරෝනා

Mohamed Dilsad

අවශ්‍ය නම් පැයෙන් පැය ගැසට් ගහනවා

Mohamed Dilsad

චන්දික හතුරුසිංහගේ නව කොන්ත‍්‍රාත්තුවේ වැටුප් කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment