දේශීය

ඔක්සිජන් සැපයුම බිද වැටීම යථා තත්ත්වයට

(UTV | කොළඹ) – ගෙවීම් ප්‍රමාදවීමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඔක්සිජන් සැපයුම මේ වනවිට ගැටලුවකින් තොරව සිදුවන බවය.

පසුගිය 29 වැනිදා උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහල හා මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඔක්සිජන් සැපයීම සිලෝන් ඔක්සිජන් සමාගම නතර කළේ, මුදල් ගෙවීම ප්‍රමාද විම හේතුවෙන් ය.

Related posts

ඉන්දීය අගමැති මෝදිගේ, සංචාරය හේතුවෙන් අද ක්‍රියාත්මක රථවාහන සැලැස්ම මෙන්න

Editor O

ජල ගැලීම්වලින් වගා හානි සිදුවූ ඉඩම් පිළිබඳ දැනුම් දෙන්න – කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

Editor O

ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment