විදෙස්

ඇෆ්ගන් කාන්තාවන්ට රැකියාවක් කිරීමට තහනම්

(UTV | ඇෆ්ගනිස්තානය) – කාන්තාවන් රැකියාවට නොගොස් නිවසේ රැඳිසිටිය යුතු බවට ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නව තලෙබාන් නගරාධිපති පවසා ඇති බව වර්තා වෙයි.

1990 වර්ෂයේ සිට ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන සිටි තලෙබාන් සංවිධානය කාන්තාවන් හට වෘත්තීය රැකියාවක් සහ අධ්‍යාපනය හැදැරීමේ අයිතිය තහනම් කර තිබුණි.

නමුත් අන්තර්ජාතික හමුදා තලෙබාන්වරු පළවාහැර එරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන් අනතුරුව කාන්තාවන් සමාජය තුළ නිදහස භුක්ති විඳින ආකාරය දැකගත හැකි විය.

කෙසේවෙතත් අමෙරිකානු හමුදා එරටෙන් ඉවත්වීමෙන් පසු යළිත් වරක් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් තලෙබාන් සංවිධානය පවසා තිබුණේ කාන්තා අයිතීන් ලබාදීමට සිය සංවිධානය කටයුතු කරන බවය.

කෙසේවෙතත් රාජ්‍ය සේවිකාවන් සේවයට වාර්තා නොකරන ලෙස තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

නවදිල්ලි නුවරට භූ කම්පන තත්ත්වයකින් බලපෑම්

Mohamed Dilsad

විරුධවාදීන් සතුරන්සේ සැළකීම නැවැත්විය යුතුයි – නව ඇමෙරිකා ජනාධිපති

Mohamed Dilsad

ඇමරිකානු නව ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

Leave a Comment