විදෙස්

ඇමරිකානු නව ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

(උදයම්,ඉන්දියාව )  –  ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කරයි.

ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

එමෙන්ම දෙරට අතර සහයෝගීතාවයේ උපරිම ඵල සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ ඉන්දියාව කෙරෙහි තමාගේ විශේෂ ගෞරවයක් පවතින බවත් ට්‍රම්ප් හින්දු ආගම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන අයෙකු වන බවයි.

Related posts

ඉන්දුනීසියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිත සංඛ්‍යාව අද

Mohamed Dilsad

සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 17 වන සැමරුම අදයි

Mohamed Dilsad

බ්‍රසීලයේ ජනාධිපතිවරණයේ පළමු වටයේ ජය විපක්ෂයට

Mohamed Dilsad

Leave a Comment