දේශීය

කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව තරකරයි

(UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරන බවට ගුවන් තොටුපොළේ නිල වෙබ් අඩවිය වෙත ලද ඊමේල් පණිවුඩයක් හේතුවෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

එළැඹෙන 20 වැනිදා ගුවන් තොටුපොළට හා රජයේ ගොඩනැගිලි වෙත ප්‍රහාරයක් එල්ල කරන බවත්, තමන් නම් කරන සිව්දෙනකු වහාම මුදාහරින ලෙසත් ඊමේල් පණිවුඩයේ සඳහන් කර ඇත.

මෙම ඊමේල් පණිවුඩය පරීක්ෂා කිරීමට යාමේදී ගුවන් තොටුපොළ වෙබ් අඩවිය තුළට රිංගා දත්ත සොරකම් කිරීම හෝ වෙනත් අරමුණකින් සැකකරුවන් මෙය කළෙදැයි බව දැනට හෙළිවී තිබේ.

බංග්ලාදේශයේ හමුදාවට සම්බන්ධ ආයතනයක වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කර ඒ ඔස්සේ මෙම ඊමේල් පණිවුඩය මෙරටට ඒවා ඇතැයි හෙළිව ඇත.

කෙසේ වෙතත් මෙම අනතුරු හැඟවීම් සහිත ඊමේල් පණිවුඩය සමග කටුනායක හා මත්තල ගුවන් තොටුපොළවල ආරක්ෂාව තර කර හදිසි අවස්ථාවකදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන පෙරහුරු පෙරේදා (14 වැනිදා) සිට අරඹා ඇත.

Related posts

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා අත්අඩංගුවට

Mohamed Dilsad

බැසිල්ගේ IMF කතාවට කබ්රාල්ගෙන් පිළිතුරක්

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පුරවැසි, බැංකු ස්ථාවර තැන්පත් පොලී අනුපාත පිළිබඳ වාර්තාව ජනාධිපතිගේ අවධානයට

Editor O

Leave a Comment