ගොසිප්

එන සතියේ දී ලොක්ඩවුන් ඉවතට..

(UTV | කොළඹ) – එන සතියේ දී යම් යම් සීමාවන්ට යටත්ව රට විවෘත කිරීමේ හැකියාවක් ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළඹෙන සිකුරාදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ දී ගන්නා බවද ඔහු කියා සිටියේය.

රට විවෘත කරන ආකාරය ගැන නිර්දේශය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ජනාධිපතිවරයාට මේ සතිය තුළ බාර දෙනු ඇති බව ද ඔහු පැවසීය.

එම නිර්දේශ අනුව රට විවෘත කරන ආකාරය තීරණය කරන බවද ඔහු පවසයි.

රට විවෘත කළ ද පළාත් අතර සංචරන සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට සිදුවනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ශලනිටත් කෝවිඩ් වැළඳෙයි

Mohamed Dilsad

කරාටේ ක්‍රීඩාවේ හපන්කම් දැක්වූ අගමැති [PHOTOS]

Mohamed Dilsad

කාන්තාවක් නිරුවත් කර පහර දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක්

Mohamed Dilsad

Leave a Comment