ප්‍රමුඛ පුවත 1

අගමැති බීජිං නුවරට ලඟා වෙයි

(උදයම් , කොළඹ)  –  චීනයේ බීජිං නුවර පැවැත්වෙන “ එකම තීරයක් – එකම මාවතක්“ මහා සමුළුවට සහභාගී වීම සඳහා පිටත්ව ගිය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස චීනයේ කැපිටල් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් බීජිං නුවරට ළඟා වී තිබේ.
චීනයට පැමිණි අග්‍රමාත්‍යවරයා ඇතුළු දූත පිරිස බෙයිජිං නගරයේ දේශපාලනික උපදේශක සම්මේලනයේ ස්ථාවර සභාවේ උප සභාපති ලී ජෙං යූ මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති යි ෂියැන්ලියැං මහතා සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති කරුණා සේන කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් විසින් පිළිගෙන ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

සමුළුවේ සමාරම්භක උත්සවය හෙට(14) පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං  මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

මෙම සමුළුව අතරතුර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පිං , චීන අග්‍රමාත්‍ය ලී කචියාං යන මහත්වරුන් ඇතුළු සමුළුවට පැමිණෙන රාජ්‍ය  නායකයින් කිහිපදෙනෙකු හමුවී ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Related posts

සමස්ත ලංකා පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය වර්ජනයක

Mohamed Dilsad

බස් සංගම් වර්ජනයකට සුදානම් වෙයි ?

Mohamed Dilsad

එරාන් වික්‍රමරත්න තම ධූරයෙන් ඉල්ලා අස් වේ

Mohamed Dilsad

Leave a Comment