දේශීයව්‍යාපාරික

යළි ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක්

(UTV | කොළඹ) – යළි ගෑස් මිල ඉහළ නැංවීමේ අවශ්‍යතාවයක් පවතින බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

පසුගියදා ගෑස් මිල ඉහළ දැමීමෙන් පසුව ලාෆ් ගෑස් වෙළඳපොලේ යලි හිඟ වීමේ අර්බුදයක් පවතින බවට පාරිභෝගිකයන් නගන චෝදනා සම්බන්ධයෙන් එම සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටියගෙන් කළ විමසීමකදීයී, ඔහු මේ බව සඳහන් කලේ.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය හා ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට ගෑස් මිලද ඉහළ නැංවිය යුතු බවයි.

කෙසේ වෙතත්, පවතින ගෑස් හිඟයට හේතුව වාණිජ බැංකු වලින් ගෑස් තොග ලබා ගැනීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීමේ ගැටලුව බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මෙරට තුල සියයට 20ක් පමණ පාරිභෝගිකයන් පිරිසක් ලාෆ් ගෑස් භාවිතා කරනවා. පසුගිය මස මුලදීද වෙළඳපොළේ එම ගෑස්වල හිඟයත් නිර්මාණය වු අතර අර්බුදය පාලනය කිරීම සඳහා ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගමට අවසර ලබාදීමටයි රජය කටයුතු කළේ.

ඒ අනුව එම වර්ගයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 363කින් සහ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 145කින් මිල වැඩි කරනු ලැබූවා.

Related posts

ගුරුවරුන්ගේ ඔන්ලයින් වර්ජනය අදත්

Mohamed Dilsad

ඖෂධ හිඟය නැති කිරීමට රජයෙන් සැලසුම්

Mohamed Dilsad

ජනාධිපතිගෙන් විශේෂ කමිටු දෙකක්

Mohamed Dilsad

Leave a Comment