දේශීය

නිරෝධායන නීති කැඩූ 67,000කට වැඩි පිරිසක් මේ දක්වා අත්අඩංගුවට.

(UTV | කොළඹ) – නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 674 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අද(08) උදෑසන 6.00න් අවසන් වූ ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලින් ය.

පොලීසිය පැවසුවේ, ඒ අනුව, මේ වනවිට පුද්ගලයින් 67,342 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර, බස්නාහිර පළාතේ ක්‍රියාත්මක මාර්ග බාධක 13 කදී ඊයේ(07) දිනය තුළ , බස්නාහිර පළතෙන් පිටවන පුද්ගලයින් 890 දෙනෙකු පරීක්ෂා කර තිබේ.

පොලීසිය පැවසුවේ, බස්නාහිර පළතෙන් පිටවන වාහන 615 ක් ද එම මාර්ග බාධකවලදී පරීක්ෂාවට ලක් කළ බවය.

අදාළ මාර්ග බාධකවලදී බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් 1,206 දෙනෙකු පරීක්ෂා කර ඇති අතර, පරීක්ෂාවට ලක්කර ඇති වාහන සංඛ්‍යාව 812 කි.

Related posts

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිට කෝටි 42ක වත්කම්

Editor O

වෘත්තීය සමිති කිහිපයකට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට වෘත්තීය සමිති අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment