විදෙස්

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් යළි ඉහළට

(UTV | ඉන්දියාව) – අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 37,875ක් වාර්තා වී තිබෙනවා.

එය පෙර දිනට වඩා සියයට 21 යි දශම 3 ක වැඩිවීමක් බවයි ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

එමෙන්ම, ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 369 ක්ද වාර්තා වුණා.

මේ වනවිට ඉන්දියාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තුන්කෝටි අනූඑක් ලක්ෂය ඉක්මවන අතර, මරණ සංඛ්‍යාව 441,411 ක්.

නැවතත් වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ කේරල ප්‍රාන්තයෙන්.

මහාරාෂ්ට්‍ර, තමිල්නාඩු, මීසෝරාම් සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තවලින් ඊලඟට වැඩිම දෛනික ආසාදිතයින් වාර්තා වනවා.

මේ අතර, කොරෝනා ආසාදනය ඉහළ ගොස් ඇති ඕස්ටේ්‍රලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එන්නත්කරණය වේගවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සමාජ ආශ්‍රිත ආසාදිතයින් 1,480 ක් ඊයේ හමුවී ඇති අතර, වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 221 දෙනෙකු හමු වී තිබෙනවා.

එරටින් නව කොරෝනා මරණ 09 ක්ද ඊයේ වාර්තා වුණා.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහනයෙන් හතරෙන් තුනකට කොරෝනා එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇති බව සඳහන්.

සීග්‍ර සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමඟයි පසුගිය ජුනි මාසයේ සිට ඕස්ටේ්‍රලියාවේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගොස් ඇත්තේ.

මේ නිසා සිඩ්නි සහ මෙල්බර්න් නගර වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.

දැන් ඔස්ට්‍රේලියාව සැලසුම් කරන්නේ වෛරසය මුළුමනින්ම මර්දනය කිරීමට වඩා ඒ සමඟ ජීවත්වීමට ජනතාව හුරුකරලීමයි.

එරට බලධාරීන් ප්‍රකාශ කළේ මිලියන 20 යි දශම 6 ක් පමණ ඕස්ටේ්‍රලියාවේ වැඩිහිටි ජනගහනයෙන් 70% කට පමණ එන්නත් ලබාදුන් පසු රට මුළුමනින්ම විවෘත කිරීමට අදහස් කරන බවයි.

එම ඉලක්කයට නොවැම්බර් මාසය මුලදී ළඟාවිය හැකි බව ඔවුන් සඳහන් කළා.

මේ අතර, නවසීලන්තයේ සමාජ ආශ්‍රිත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් පහත වැටී තිබෙනවා.

ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී ඇති අතර, පෙර දිනයේ 21 දෙනෙකු වාර්තා වුණා. ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය සැලකිය යුතු අන්දමින් පාලනය කිරීමෙන් අනතුරුව නවසීලන්තය ඊයේ යළි විවෘත කෙරුණා.

කෙසේ නමුත්, එරට වත්මන් කොරෝනා කේන්ද්‍රය මෙන්ම විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නුවර සීමාවන් තවදුරටත් ක්‍රියාත්මකයි.

ඉන් පිටත පාසල්, කාර්යාල සහ ව්‍යාපාර ඊයේ සිට යළි ක්‍රියාත්මකයි. නවසීලන්තය බොහෝ දුරට කොරෝනා වෛරසයෙන් තොර රාජ්‍යයක් ලෙස පැවති අතර, එහි කොරෝනා ව්‍යාප්තිය යළි ආරම්භ වූයේ පසුගිය ජුනි මාසයේ ඕස්ටේලියාවේ සිට පැමිණි සංචාරකයෙකුගෙන්.

Related posts

කොවිඩ් -19 වලට සාර්ථක එන්නතක්

Mohamed Dilsad

රුසියානු අගමැති අනතුරු අඟවයි

Mohamed Dilsad

ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment