ක්‍රීඩාදේශීය

පැරාලිම්පික් පදක්කම්ලාභීන් විෂය භාර ඇමති හමුවෙයි

(UTV | කොළඹ) – ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී රන් පදක්කමක් සමඟින් නව ලෝක වාර්තාවක්ද පිහිටු වූ දිනේෂ් ප්‍රියන්ත සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ හමුවුණා.

අමාත්‍යාංශයේ අද පෙරවරුවේ සිදුවූ මෙම හමුවට ඔවුන්ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්තද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙම ක්‍රීඩකයින්ට දෙදෙනාට ත්‍යාග පිරිනැමීමේ උත්සවය ලබන 10 වැනිදා හෝ 13 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතයි.

ඊට අමතරව පැරාලිම්පික් පදක්කම් දිනූ මෙම ක්‍රීඩකයින් දෙදෙනා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාද හමුවීමට නියමිත බවයි ජාතික පැරාලිම්පික් කමිටුව සඳහන් කළේ.

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ රන් පදක්කම් ලාභී දිනේෂ් ප්‍රියන්තට සහ ලෝකඩ පදක්කම් ලාභී සමිත දුලාන්ට මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවුණා.

Related posts

අවසරලත් මැතිවරණ ප්‍රචාරක කාර්යාලවලට අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ දැනුවත් කිරීමක්

Editor O

ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් වෙයි

Mohamed Dilsad

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment