ක්‍රීඩා

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ තීරණාත්මක අවසන් තරගය අද

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර 3 වන මෙන්ම අවසාන එක්දින තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පැවැත්වෙනවා.

මේ වනවිට කණ්ඩායම් 2 ම තරග 1 බැගින් ජයගෙන ඇති අතර, තරගාවලිය ජයග්‍රහණය කරන්නේ අද ජය ගන්නා කණ්ඩායම යි.

අයි.සී.සී නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකාව 05 වන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව පසුවන්නේ 09 වන ස්ථානයේ යි.

එමෙන්ම, මෙම තරගාවලිය ජයග්‍රහණය කරමින් අයි.සී.සී. සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු 10ක් ලබා ගැනීම 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඍජු ව සුදුසුකම් ලැබීමට කණ්ඩායම් දෙකට ම වැදගත් වනු ඇති.

Related posts

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද ඇරඹේ

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවන්න අරවින්ද ,රොෂාන්, මුරලිගෙන් යුතු කමිටුවක්

Mohamed Dilsad

ඇමති නාමල්ගෙන් හොද ආදර්ශයක්

Mohamed Dilsad

Leave a Comment