දේශීය

‘නීති විරෝධිව ගබඩා කර ඇති වී රාජසන්තක කරනවා’

(UTV | කොළඹ) –  අඩු මිලට වී මිලදීගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලුම වී තොග රාජ සන්තක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (1)පැවසීය.

නීතිවිරෝධීව ගබඩා කර තිබෙන සීනි තොග ද රජයට පවරාගෙන කිලෝව රුපියල් 130ට දීමට පියවර ගෙන ඇති අයුරින් ම නීති විරෝධී ලෙස ගබඩා කරගෙන සිටින සහල් තොග වටලා හාල් කිලෝව රුපියල් 97 බැගින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති රැසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙි බව කීය.

කාබනික කෘමිනාශක, දිලීරනාශක සහ වල්නාශක මෙන්ම කාබනික පොහොර ආනයනය කිරීමට පෞද්ගලික වෙළඳුන්ට අවස්ථාව ලබාදී ඇති බැවින් එවැනි ඒවායේ හිඟයක් ඇති නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

සුදු වෑන් සිද්ධියට අදාල පුද්ගලයින් දෙදෙනා ද ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මාතලේ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 2 ක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment