දේශීය

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

(UTV | කොළඹ ) – අද (20) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනයයි.

1949 ජුනි මස 20 වනදා උපත ලැබූ ගෝඨාභය රාජපක්ෂ

ඔහු යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කොට පසුව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් මෙරට වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධ නිමා කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය.

අනතුරුව ආරක්ෂක ලේකම් ධුරයට අමතරව නාගරික සංවර්ධන ලේකම් ධුරය ද දරමින් යුද්ධයෙන් පසුව නාගරික අලංකරණය සහ නාගරික සංවර්ධනය සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දෙමින් කැපී පෙනෙන මෙහෙවරක නිරත වුණි.

පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මෙරට 8වන විධායක ජනාධිපතිවරයා වේ.

Related posts

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

පඬු කරඳ ගස් ගැන රජයෙන් තීරණයක්

Mohamed Dilsad

ණය ගැනීමෙන් පසුගිය සියලු ආණ්ඩු පරාද කරාවි – ආචර්යය හර්ෂ ද සිල්වා

Editor O

Leave a Comment