දේශීය

ඇසළ පෙරහැර සාර්ථකව අවසන්

(UTV | කොළඹ) – මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයයේ අවසානය සනිටුහන් කරන දහවල් පෙරහර අද පස්වරු 1.45ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ වීමට නියමිත යි.

පෙරහැර ගෙවැදීම පස්වරු 3.27ට සිදුවනු ඇති.

ඉන්පසු දියවඩන නිලමේවරයා ඇතුළු බස්නායක නිලමේවරුන් විසින් කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය සාර්ථක ව අවසන් කළ බවට වන සංදේශය මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාරදීමට නියමිත ව තිබෙනවා.

ගැටඹේ දිය කපනාතොටේ දී අද අලුයම චාරිත්‍රානුකූල ව දියකැපීමේ කටයුතු සිදු කෙරුණා.

ඇසළ පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල ව ඊයේ රාත්‍රීයේ විථි සංචාරය කළා.

මෙවර අවසන් රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම කරවීමේ භාග්‍යය හිමි ව තිබුණේ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයාට යි.

දළදා මාළිගාවේ පෙරහැර හා සතර මහා දේවාල පෙරහැර පෙරටු කරගත් අවසන් රන්දෝලි පෙරහැර විචිත්‍රවත් නර්තනාංග රැසකින් සමන්විත වු අතර, පෙරහැර සඳහා දළදා මාළිගාවේ ඇත් පන්තියේ අලි ඇතුන් 25ක් සමඟ අලි ඇතුන් 70ක් පමණ එක් ව සිටියා.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ පස්වරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිඟා පරිශ්‍රයට පැමිණ දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.

Related posts

වැලිකන්දේ දී බස් රථයක් පෙරළෙයි

Mohamed Dilsad

අපරාදකරුවෙකු වැටලීමකදී පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

නිමල් සිරිපාල නෙරපා හැරීම වළක්වමින් නිදහස් පක්ෂයට එරෙහි වාරණය ඉවතට

Mohamed Dilsad

Leave a Comment