විදෙස්

ඇෆ්ගනිස්තානයෙන් සිවිල් වැසියන් ඉවත් කරගැනීමට තවත් ගුවන්යානා

ඇෆ්ගනිස්තානයෙන් සිවිල් ජනතාව ඉවත් කරගැනීම සඳහා වාණිජ ගුවන්යානා භාවිත කරන බව අමෙරිකාව පවසයි.

ගුවන්යානා 18ක් මගින් සිවිල් වැසියන් මේ වනවිට වෙනත් රටවල ආරක්ෂිත ස්ථාන කරා යොමුකරමින් සිටින බව අමෙරිකාව පවසා තිබේ.

ඒ අනුව පසුගිය සතිය තුළ පුද්ගලයින් 28,000ක් පමණ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගැනීමට අමෙරිකානු ආරක්ෂක අංශ කටයුතු කර ඇත.

තලෙබාන් සටන්කාමීන් විසින් රටේ පාලන බලය අත්පත් කරගැනීමෙන් පසු දහස් ගණන් ඇෆ්ගනිස්තාන ජනතාව රටින් පළායෑම සඳහා ගුවන්තොටුපල වෙත එක්රැස් වුණි.

එහිදී සිදුවු තෙරපීම් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මේ වනවිට ජීවිතක්ෂයට පත්වී ඇති බවද වාර්තා වෙයි.

Related posts

ටාටා හිටපු සභාපති මරුට

Mohamed Dilsad

කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් පත් කිරීම ට්‍රම්ප් කල් දමයි

Mohamed Dilsad

ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අඩුවක්

Mohamed Dilsad

Leave a Comment