විදෙස්

ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ අඩුවක්

(උදයම්,ඇමෙරිකාව) – මෙක්සිකෝවේ සිට ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව පසුගිය මාසයේ සියයට 40 කින් පමණ අඩුවී ඇති බව ඇමරිකානු බලධාරීහු පවසති.

එරට අභ්‍යන්තර ආරක්ෂක කටයුතු භාර ලේකම් ජෝන් කෙලී පවසන්නේ වත්මන් ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය හේතුවෙන් මෙම අඩුවීම සිදුවී ඇති බවය.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය ජනවාරි 20 වනදා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු  සඳහන් කළේ ඇමරිකාව තුළ රැඳී සිටින නීතිවිරෝධී සංක්‍රමණිකයන් මිලියන 11 ක් යළි පිටුවහල් කරන බවය.

මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් මෙලෙස ඇමරිකාවට පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව අවම වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Related posts

ට්‍රම්ප් හදිසියේ ඉරාකයේ සිටින ඇමරිකානු සෙබළුන් හමුවෙයි.

Mohamed Dilsad

සිරියාවට සම්බාධක පැනවීමට කළ යෝජනාව පරාජයට පත් කරයි

Mohamed Dilsad

ඇමරිකාව සහ චීනය අතර ආර්ථික යුද්ධයක්

Mohamed Dilsad

Leave a Comment