දේශීය

විවාහ උත්සව සඳහා අවසර නැතත් ලියාපදිංචියට තවදුරටත් අවසර

(UTV | කොළඹ) – නිරෝධායන නියෝග රැසක් අද දිනයේ සිට තදින්ම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ නිරෝධායන ඇදිරිනීතිය ක්‍රියාත්මක වන කාල සීමාවේදි අදාල නියෝග සහ සෞඛ්‍ය උපදෙස් වලට ගරුකරමින් නිවෙස් තුලට වී රැදී සිටින ලෙසයි.

හෙට (17) දින මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව පැවැත්වීමට ද අවසර හිමි නොවේ.

කෙසේවෙතත් යම් විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බවද පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ නිවසකදී හෝ යම් ස්ථානයකදී විවාහයක් ලියාපදිංචි කරගැනීමට හැකි බවය.

ඒ සඳහා මනාල යුවල, දෙපාර්ශ්වයේ දෙමව්පියන්, රෙජිස්ටාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනාට සහභාගීවීමේ හැකියාවක් පවතී. ඒ හැරෙන්නට වෙනත් කිසිවෙකුටත් ඊට සහභාගීවීමට අවස්ථාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Related posts

මැතිවරණ නීති උල්ලංඝණය කළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

සැකකරුවන් තිදෙනෙකු රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment