දේශීය

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 138 දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජය මගින් පනවා ඇති නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 138 දෙනෙකු ගතවූ පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඒ අනුව, මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 53,942 ක් බවයි.

පළාත් සංචරණ සීමා උල්ලංඝනය කළ පුද්ගලයින් 153 දෙනෙකු ද ගෙවුණු පැය 24 තුලදී ආපසු හරවා යවා තිබෙනවා.

ඊයේ නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පළාත් සංචරණ සීමා අතර විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Related posts

සංචරණ සීමා ලබන 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයෙන් චාමර සම්පත්ට වෙන්න යන දේ

Editor O

මාලිමාවේ ”එල් බෝඩ්” විදේශ ප්‍රතිපත්තියේ බැරෑරුම්කම ගැන හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment