දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවකයන්ගේ මාස 3 ක වැටුප් කප්පාදුවක්

(UTV | කොළඹ) –  මාස 3 ක කාලයක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු සේවකයන්ගේ වැටුප් 2.5 % සිට 25 % දක්වා ප්‍රමාණයන්ගෙන් කප්පාදු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.

මීට අමතරව , මේ වසරේදෙී ක්‍රියාත්මක කිරීමට නියමිතවු සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නතර කිරීමට ද තීරණය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

කොවිඩ් 19 වසංගතය හමුවේ ගුවන් සේවා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී සිටින අතර , ගෝලීය වශයෙන් ඇතැම් ගුවන් සමාගම් අර්ධ වශයෙන්ද ඇතැම් සමාගම් පූර්ණවද මෙහෙයුම් අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම කාර්ය මණ්ඩලයකම රැකියා ආරක්ෂා කිරීමට කළමනාකාරීත්වය උත්සාහ දරන බවද ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලය සිදුකරන කැපකිරීම් අගය කරන බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර

Related posts

තවත් ආසාදිතයින් 300 කට ආසන්න පිරිසක් වාර්තා වෙයි

Mohamed Dilsad

ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක්

Mohamed Dilsad

කොරෝනා බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා ණය යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment