දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සේවකයන්ගේ මාස 3 ක වැටුප් කප්පාදුවක්

(UTV | කොළඹ) –  මාස 3 ක කාලයක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සියලු සේවකයන්ගේ වැටුප් 2.5 % සිට 25 % දක්වා ප්‍රමාණයන්ගෙන් කප්පාදු කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබේ.

මීට අමතරව , මේ වසරේදෙී ක්‍රියාත්මක කිරීමට නියමිතවු සියලුම වැටුප් වර්ධක තාවකාලිකව නතර කිරීමට ද තීරණය කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

කොවිඩ් 19 වසංගතය හමුවේ ගුවන් සේවා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී සිටින අතර , ගෝලීය වශයෙන් ඇතැම් ගුවන් සමාගම් අර්ධ වශයෙන්ද ඇතැම් සමාගම් පූර්ණවද මෙහෙයුම් අත්හිටුවා ඇත.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම කාර්ය මණ්ඩලයකම රැකියා ආරක්ෂා කිරීමට කළමනාකාරීත්වය උත්සාහ දරන බවද ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලය සිදුකරන කැපකිරීම් අගය කරන බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර

Related posts

ජනපතිගෙන් ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ට ලිපියක්

Mohamed Dilsad

දන්සල් සංවිධායකයින්ට විශේෂ දැනුම්දීමක්

Editor O

20 හැවිරිදි වෙඩික්කරු සියල්ල වමාරයි

Mohamed Dilsad

Leave a Comment