දේශීය

අද සිට මධ්‍යස්ථාන පහකදී සයිනොෆාම් එන්නත

(UTV | කොළඹ) – මෙතෙක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණ කටයුතු අද ආරම්භ කෙරෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මධ්‍යස්ථාන 5 කදී ලබාදීම අද පෙරවරු 8.30 සිට ආරම්භ කරන බවයි.

අවුරුදු 60 ට වැඩි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි.ඩී.එච්. රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සහ විහාරමහාදේවි උද්‍යානයේදී ලබාදීම සිදු කෙරෙනවා.

Related posts

ජනපති, එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට

Mohamed Dilsad

විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක්

Mohamed Dilsad

විදුහල්පති පත්කිරීම් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

Mohamed Dilsad

Leave a Comment