දේශීය

අද සිට මධ්‍යස්ථාන පහකදී සයිනොෆාම් එන්නත

(UTV | කොළඹ) – මෙතෙක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණ කටයුතු අද ආරම්භ කෙරෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මධ්‍යස්ථාන 5 කදී ලබාදීම අද පෙරවරු 8.30 සිට ආරම්භ කරන බවයි.

අවුරුදු 60 ට වැඩි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, අයි.ඩී.එච්. රෝහල, අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහල සහ විහාරමහාදේවි උද්‍යානයේදී ලබාදීම සිදු කෙරෙනවා.

Related posts

අධිකරණ සිරකුටියේ සිටි රැඳවියාට කුඩු පැකට් දුන් පුද්ගලයා මාට්ටු

Mohamed Dilsad

බයිලා සංගීතයේ පෙරළිකාර පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

එජාපය අලුත් කරන්න කමිටුවක්

Editor O

Leave a Comment