කලා

‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ අලුත් චිත්‍රපටයක් ලබන වසරේ

ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වූ ‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ චිත්‍රපට මාලාවේ හයවැනි නිර්මාණය ලබන වසරේ එළිදැක්වීමට සූදනමින් සිටින බව වාර්තා වෙයි. පළමු හා අවසන් චිත්‍රපටවලට සම්බන්ධ වූ කිසිදු ප්‍රධාන නළුවෙක් මෙම චිත්‍රපටයට සම්බන්ධ නොවී ඇති අතර, මෙවර කතාව වෙනස්ම මුහුණුවරක් ගත් එකක් බව සඳහන් වෙයි.

කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ඔප්ටිමස් ප්‍රයිම් හා බම්බල්බී දෙදෙනා නිරූපණය කරන බව සඳහන් වෙයි. මෙම චිත්‍රපටය සඳහා දැනට ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක නිෂ්පාදිත වියදමක් වෙන් කර තිබෙන බව චිත්‍රපට අධ්‍යක්ෂක ස්ටීවන් කැපිල් පවසා තිබේ.

Related posts

ආදරවන්තයන්ගේ දිනයට එන” 100% Kadhal”

Mohamed Dilsad

‘ඇවටර්’ තිරගත වන දිනය නිල වශයෙන් දැනුම් දෙයි

Mohamed Dilsad

නිරූපණ ශිල්පිනී කේශාරිගේ මරණයට හේතුව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment