කලා

නිරූපණ ශිල්පිනී කේශාරිගේ මරණයට හේතුව හෙළි වෙයි

(UTV | කොළඹ) – බොරලැස්ගමුව, තල්ගහවත්ත පාර සිසිල පටුමඟේ නිවෙසක් තුළදී ස්නානය කිරීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් චමිදුකා වැලිකලගේ කේශාරී (20) නමැති තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත. 

මෙම තරුණිය බොරලැස්ගමුව තල්ගහවත්ත පාරේ, සිය වැඩිමහල් සහෝදරියගේ නිවසේදී 15 වනදා දහවල් ස්නානය කොට ඇති අතර ඉන් පසුව ඇයට උගුරේ ආබාධයක් හා හුස්ම ගැනීමේ අපහසුතාවක් මතුව තිබේ.

මෙහිදී එකොළොස් හැවිරිදි පාසල් සිසුවකු ද ස්නානය කර ඇති අතර මෙම පාසල් සිසුවා සහ අදාළ තරුණිය වේරහැර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම තරුණිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

ජල ටැංකියක් නිවෙසේ ඇතත්, එහි ජලය භාවිත නොකොට, ප්‍රධාන නළ මාර්ගයෙන් ලැබෙන ජලයෙන් මෙසේ ස්නානය කර ඇත්තේ, පළමුව උණු වතුරෙන්ද ස්නානය කිරීමෙන් අනතුරුව බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුව රෝගීන් දෙදෙනා ත්‍රිරෝද රථයකින් රෝහලට රැගෙන එන අතරතුරදී අධික ලෙස කෙමිකල් දුගඳක් වහනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ තරුණිය නිරූපණ ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා සඳහා මෙන්ම ඡායාරූප සඳහාද පෙනී සිටි අයෙකි.

Related posts

අමිතාබ්ගේ මිණිපිරී රංගනයෙන් ඈත් වෙයි

Mohamed Dilsad

විවාහක රූ රැජිණ තරඟයේ People’s Voice” කිරුළ දිනු ඕෂධී විපතට පත් ජනතාවට උපකාර කිරීමට සුදානම් (වීඩියෝ)

Mohamed Dilsad

සෞම්‍ය ලියනගේ ගේ කථිකාචාර්ය ධුරය අහිමි වීමේ ඇත්ත කතාව

Mohamed Dilsad

Leave a Comment