දේශීය

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

(UTV | කොළඹ) –  පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව පර්යේෂණ වාර්තා තහවුරු කරයි.

ඩෙංගු වෛරස කාණ්ඩ හතරක් රට තුළ සැරිසරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය,වෛද්‍ය පර්යේෂණ ආයතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව කළ නියැදි පරීක්ෂණයකදී තහවුරුවී තිබේ. අදාල පර්යේෂණ ප්‍රතිඵල අනුව වෛරස කාණ්ඩවල වෙනසක් වන අවස්ථාවලදී ඩෙංගු රෝගීන්ගේ ඉහලයාමක් අපේක්ෂා කෙරේ. ඒ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

කොළඹ, ගම්පහ, කඵතර, කුරුණැගල, මහනුවර, මාතර, රත්නපුරය, කැගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩි ප්‍රවනතාවක් පවති.

Related posts

රත්නපුරෙන් හමුවූ ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර

Mohamed Dilsad

අම්ෆන් කුණාටුවට හසුව ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට ‘සමුදුර’ නෞකාවේ සහාය

Mohamed Dilsad

‘පෝලිම්වල ඉන්න එපා’ – ලිට්‍රෝ කියයි

Mohamed Dilsad

Leave a Comment