දේශීය

ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

(UTV | කොළඹ) –  පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව පර්යේෂණ වාර්තා තහවුරු කරයි.

ඩෙංගු වෛරස කාණ්ඩ හතරක් රට තුළ සැරිසරන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය,වෛද්‍ය පර්යේෂණ ආයතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව කළ නියැදි පරීක්ෂණයකදී තහවුරුවී තිබේ. අදාල පර්යේෂණ ප්‍රතිඵල අනුව වෛරස කාණ්ඩවල වෙනසක් වන අවස්ථාවලදී ඩෙංගු රෝගීන්ගේ ඉහලයාමක් අපේක්ෂා කෙරේ. ඒ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

කොළඹ, ගම්පහ, කඵතර, කුරුණැගල, මහනුවර, මාතර, රත්නපුරය, කැගල්ල, ගාල්ල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩි ප්‍රවනතාවක් පවති.

Related posts

මන්ත්‍රී ධූරය අහෝසි නොකරන්නැයි රංජන් ගෙන් රිට් පෙත්සමක්

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 182 දෙනෙක්

Mohamed Dilsad

මෙරට ප්‍රථම කොරෝනා එන්නත්කරණය ඇරඹෙයි [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment