ක්‍රීඩා

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැතිව්ගෙත් බලාපොරොත්තු සුන්වෙයි

ජපානයේ ටෝකියෝ අගනුවර දී දැන් ක‍්‍රියාත්මක 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි පිහිණුම් තරගාවලියට ඊයේ (27දා) සවස එක් වූ ශ‍්‍රී ලංකාවේ මැතිව් අබේසිංහට ද අපේක්ෂිත අරමුණු සාර්ථක කර ගැනීමට නොහැකි විය.

මීටර් 100 නිදහස් ආර ඉසව්වේ සිව් වන මූලික වටයට පළමු මං තීරුවෙන් තරග වැදුණු මැතිව් අබේසිංහට එහිදී හිමිවූයේ අවසන් ස්ථානයයි.

නියමිත දුර සාර්ථකව අවසන් කිරීමට මැතිව් අබේසිංහ සමත් වූ අතර ඒ සඳහා ඔහුට තත්පර 50.62 ක කාලයක් ගත විය. ඒ වනවිට ප‍්‍රතිවාදී සියලූ ක‍්‍රීඩකයින් තරගය නිමා කර තිබීම කැපී පෙනුණි.

Related posts

ලියොනාල් මෙසීට මාස 3ක ජාත්‍යන්තර තරඟ තහනමක්

Mohamed Dilsad

අද දිනන හැටි තිලාන් කියයි

Mohamed Dilsad

ක්‍රිකට් ක්‍රීඩක වැටුප 40% කින් කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment