ක්‍රීඩා

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මැතිව්ගෙත් බලාපොරොත්තු සුන්වෙයි

ජපානයේ ටෝකියෝ අගනුවර දී දැන් ක‍්‍රියාත්මක 32 වන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි පිහිණුම් තරගාවලියට ඊයේ (27දා) සවස එක් වූ ශ‍්‍රී ලංකාවේ මැතිව් අබේසිංහට ද අපේක්ෂිත අරමුණු සාර්ථක කර ගැනීමට නොහැකි විය.

මීටර් 100 නිදහස් ආර ඉසව්වේ සිව් වන මූලික වටයට පළමු මං තීරුවෙන් තරග වැදුණු මැතිව් අබේසිංහට එහිදී හිමිවූයේ අවසන් ස්ථානයයි.

නියමිත දුර සාර්ථකව අවසන් කිරීමට මැතිව් අබේසිංහ සමත් වූ අතර ඒ සඳහා ඔහුට තත්පර 50.62 ක කාලයක් ගත විය. ඒ වනවිට ප‍්‍රතිවාදී සියලූ ක‍්‍රීඩකයින් තරගය නිමා කර තිබීම කැපී පෙනුණි.

Related posts

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද රාජ්‍යතාන්ත්‍රික ක්‍රිකට් තරගය [PHOTOS]

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment