ප්‍රමුඛ පුවත 1

ඩෙංගු මර්දනය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් පිළිබඳ ජනපති අවධානය

(උදයම්,කොළඹ)  – ලබන 16 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් “ඩෙංගු මර්දනය පිළිබඳ ජාතික වැඩපිළිවෙළක්“ සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.

මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක් පවතින බව වාර්තාවේ.

විශේෂයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල ආශ්‍රිතව හා ඒ අවට ප්‍රදේශයේ ඩෙංගු මදුරුවන්ගේ අධික බෝවීමක් දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසයි.

රෝහල් කාර්යමණ්ඩලයේ ද සැලකිය යුතු පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බැවින් ප්‍රතිකාර කටයුතු කිරීම සඳහා දැඩි අසීරුතාවක් පවතියි.

රෝහල් කාර්යමණඩලය චෝදනා කරන්නේ රටේ බොහෝමයක් නගරසභා හා ප්‍රාදේශීය සභාවල වර්තමානයේ පවතින අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් මෙම වසංගත තත්ත්වය උද්ගතව ඇති බවය.

Related posts

නාලක ද සිල්වා ලබන 13 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට…

Mohamed Dilsad

හෂිනි අමේන්ද්‍රා රත්නායක ඇප මත නිදහස්

Mohamed Dilsad

අඛණ්ඩව පවතින වර්ජනයට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක විරෝධය

Mohamed Dilsad

Leave a Comment