ප්‍රමුඛ පුවත 1

හෂිනි අමේන්ද්‍රා රත්නායක ඇප මත නිදහස්

(UTV| කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ප්‍රවීණ සංගීතවේදී වික්‌ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මිය දැඩි කොන්දේසි මත ඇපමත මුදාහැර තිබේ.

ඒ 12 වැනිදා පස්‌වරුවේ තංගල්ල මහෙස්‌ත්‍රාත් මහිල් විඡේවීර මහතා විසිනි.

තංගල්ල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක්‌ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත මුදාහළ සැකකාරියට විදේශ ගමන් වළක්‌වන නියෝගයක්‌ ද මහෙස්‌ත්‍රාත්වරයා නිකුත් කර ඇත.

එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් වියයුතු බවටද එහිදී කොන්දේසියක්‌ පැනවූ මහෙස්‌ත්‍රාත්වරයා ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද ඇයට නියෝග කර තිබේ.

ගනුදෙනුකාරියක් විසින් තමන් සේවය කළ බැංකු ආයතනයේ උකස්‌ කොට තිබූ රන් ආභරණ තොගයක්‌ සම්බන්ධයෙන් විශ්වාසය කඩකිරීමේ චෝදනාව යටතේ ඇය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වෙයි [VIDEO]

Mohamed Dilsad

ජනාධිපති කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා දින ලබාදෙයි

Mohamed Dilsad

මෙරට සම්ප්‍රදායික ඥානය හා සම්ප්‍රදායික සංස්කෘතික ප්‍රකාශන වල බුද්ධිමය අයිතිය ලබා ගැනීමේ ජාතික වැඩසටහන ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment