දේශීය

පොලිසිය විසින් නිරෝධායන මධ්‍යස්ථානයකදී කාන්තාවක් අත්අඩංගුවට ගනී

(UTV | ගම්පහ) – විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන කාන්තාවන් සඳහා වේයන්ගොඩ, නයිවල ප්‍රදේශයේ පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව විසින් එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින අනෙකුත් කාන්තාවන්ගේ තොරතුරු රැස්කරමින් සැක සහිත ලෙස හැසිරී ඇති අතර ඒ සම්බන්ධයෙන් එහි පාලකයින් විසින් පොලිසියට මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

වේයන්ගොඩ පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන එම සැකකාර කාන්තාව ව්‍යාජ නමක් සහ ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් 2019 වසරේදී සෞදි අරාබිය බලා පිටව ගොස් ඇති බවටයි.

ඇයව අද (20) අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ගත වූ මාස 8ට නිරෝධායන රීති කැඩූ 50,027ක් අත්අඩංගුවට

Mohamed Dilsad

චීන හමුදාවෙන් ශ්‍රී ලංකා හමුදාව වෙත සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක ප්‍රදානයක්

Mohamed Dilsad

ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පහළ ට

Editor O

Leave a Comment