දේශීය

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන අද (01) සහ හෙට (02) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව හෙද වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

කොරෝනා රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන මෙන්ම විශේෂිත රෝහල්වල මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බවත් හදිසි හා අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළා.

මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කළේ, හෙද සේවාවේ ගැටලු සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

Related posts

”නාමල් දැක්ම” ගෙන් ගෙට යයි.

Editor O

කොටස් වෙළඳපොල කටයුතු අද සිට පැය 3 කට සීමා කෙරේ

Mohamed Dilsad

සත්ත්ව සංගණන වාර්තාවේ තොරතුරු නිවැරැදි නොවන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කියයි.

Editor O

Leave a Comment