දේශීය

දුම්රිය වැඩ වර්ජනය නිසා අතිරේක ලංගම බස්

(UTV | කොළඹ) – හදිසි දුම්රිය වැඩ වර්ජනයක් වාර්තා වී ඇති අතර එයින් මගීන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා අතිරේක බස් රථ යෙදවීමට අදාළ ඩිපෝ කළමනාකරුවන්ට දැනුම් දී ඇති බව ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි.

දුම්රිය වැඩ වර්ජනය නැවතීමක් නොමැතිව පැවතුනහොත් ඒ වෙනුවෙන්ද බස් රථ ධාවනය කිරීමට සියලු කටයුතු සූදානම් බව පවසන ලංගම සභාපතිවරයා පවසා සිටියේ සියලු රාජකාරි කටයුතු සඳහා ගමන් කරනා සේවක මහත්ම මහත්මීන්ට අදාළ ඩිපෝ කළමනාකාරවරුන්ට ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි.

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පැතිරවූ කාන්තාවක් අත්අඩංගුවට

Mohamed Dilsad

චීන සමාගම් දෙකකින් මෙරටට පරිත්‍යාගයක්

Mohamed Dilsad

අග්‍රාමාත්‍යතුමා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment