විදෙස්

බංගලාදේශයේ දැඩි සංචරණ සීමා

(UTV | බංගලාදේශයේ) – බංගලාදේශයේ  දැඩි සංචරණ සීමා ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා සිට දින 7 ක් එරට ජනතාවට නිවසින් බැහැරට යාහැක්කේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණි. එරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත්වීම හේතුවෙන් බලධාරීන් එම තීරණය ගෙන තිබේ.

සංචරණ සීමා අද සිට ක්‍රියාත්මක කිරීමට කලින් සැලසුම් කර තිබුණද එය බ්‍රහස්පතින්දාට කල් දැමුණි. එහෙත් ඇතැම් සීමා අද සිට ක්‍රියාත්මක බව බංග්ලාදේශ බලධාරීහු පවසති. එරටින් පසුගිය සිකුරාදා කොරෝනා ආසාදිතයන් 5869 දෙනෙකු හදුනා ගෙන තිබේ. වාර්තා වු මරණ සංඛ්‍යාව 108කි.

Related posts

තම විදේශ ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් නොමැති බව කටාර රජය පවසයි

Mohamed Dilsad

සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Editor O

අප්‍රිකානු රටවල ඉල්ලීමකට අනුව වර්ගවාදය සහ පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳ විවාදයක්

Mohamed Dilsad

Leave a Comment